මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන නීති සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබුනා.
සෑම බලපත්‍රලාභියෙකුම සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු බවටයි එහි දක්වා ඇත්තේ.
ඒ අනුව නියමිත දින සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතු බද්ද හෝ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවීමට අපහොසත් වන බලපත්‍රලාභීයෙකුගේ බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බවද එහි දක්වා තිබෙනවා.
මීට පෙර මෙම නීතිය ක්‍රියාත්මක නොවු අතර එය නව නීතියක් ලෙස හඳුන්වා දී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඊට අමතරව නියමිත දින සිට දින 90ක් ඉක්මවන කාලයක් සඳහා ගෙවිය යුතු බද්ද හා ගාස්තුව සම්පූර්ණයෙන් නොගෙවා ඇතිවිට එම බලපත්‍රලාභියාගේ සියලු බලපත්‍ර අත්හිටුවනු ඇති.
මීට පෙර බලපත්‍ර අත්හිටුවීමේ කාලය මාස 6ක් දක්වා පැවති අතර එය මාස 3 දක්වා කෙටි කිරීමට නව ගැසට් පත්‍රය මඟින් පියවර තිබෙනවා.
සුරාබදු ගෙවීම් පැහැර හැරීම අවම කිරීමේ අරමුණින් මෙම නව බදු ගෙවීමේ කාලසීමාව සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ.
උණුසුම් පුවත්
- යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
- BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
- ඉන්ධන කෝටාව ඉහළට
- දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
- බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
- අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- පහරදීමකින් අයෙක් මරුට
- ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි












