හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 655ක් සන්තකයේ තබාගෙන සිටි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ වේයන්ගොඩ පුංචි නයිවලවත්ත ප්‍රදේශයේදීයි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගත් වෑන් රථයක් හා මිනුම් උපකරණද පොලිස් භාරයට ගෙන තිබුණා..
අත්අඩංගුවට ගත් සැකකරු පුංචි නයිවලවත්ත, එස්සැල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්.













