මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා නාමපූවරු ඉවත් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .
වාලච්චේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු කිරාන් ප්‍රදේශයේ පදිංචි කරුවකු බවයි අනාවරණය වී ඇත්තේ .
මීට අමතරව වාලච්චේන ප්‍රාදේශිය සභාව මගින් ගලවා ගෙන ගොස් සභා භූමියේ තිබූ නාමපුවරු හතක්ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබුණා .
පුරාවිද්‍යා නාමපූවරු ගලවා ගෙන යෑමේ සිද්ධියට සම්බන්ධ වාලච්චේන සභාවේ සභාපති උප සභාපති,උප ලේකම් සහ තවත් සේවයකින් දෙදෙනකු ප්‍රදේශයෙන් පලගොස් සැඟව සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙනවා .
වාලච්චේන ප්‍රාදේශය සභාවේ සභාපති,උප සභාපති හා සේවකයන් පිරිසක් ප්‍රදේශයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් නාමපුවරු කිහිපයක් පසුගිය 22 වෙනිදා ඉවත් කර ඇති බවයි මිට පෙර වාර්තා වුනේ .













