ගංවතුර තත්ත්වය හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට අද පෙරවරුවේ බාධා ඇති වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
පවතින කාලගුණ තත්ත්වය හමුවේ මෙලෙස දුම්රිය ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බවයි.