පුරාවස්තු සමග සැකකරුවන් දෙදෙනෙක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(26) දහවල් මොරටුව සහ බත්තරමුල්ල ප්‍රදේශවලදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පුරාවස්තු බවට සැකකරන කළු ගලින් නිර්මාණය කළ විවිධ හැඩයේ මංජුසා තුනක් අලෙවි කිරීමට සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරුවන් වයස අවුරුදු 41 සහ 53 වයස්වල පසුවන ගල්කිස්ස හා මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියා සිටියේ.
පිංවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.











