2025 ආසියානු කුසලානයෙ සුපිරි හතරදෙනාගේ වටයේ අවසන් තරගය වන අද පැවැත්වෙන ඉන්දීය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
එහිදී නායක චරිත් අසලංක තීරණය කලේ පළමුවෙන් පන්දු යැවීමටයි.
ඒ අනුව, අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.00ට ඩුබායිහි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා
මේ වනවිටත් ඉන්දීය කණ්ඩායම අවසාන මහා තරගය සඳහා පාකිස්ථානය සමග තරගවැදීමට සුදුසුකම් ලබා සිටිනවා.
ඔවුන් මෙතෙක් තරගාවලියේ ක්‍රීඩාකළ කිසිඳු තරගයක් පරාජයට පත් නොවීමද විශේෂත්වයක්.