බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියන් විසිනුයි.
අධ්‍යයන කටයුතු සදහා විශ්වවිද්‍යාලය නැවත විවෘත කෙරෙන අවස්ථාවේදී පැමිණෙන ශිෂශ්යන්, සිය භාරකරු හෝ භාරකාර හිමිනම සමග පැමිණීම අනිවාර්ය බවයි එහි දැක්වෙන්නේ.
පසුගිය වසරේ දෙසැම්බර් 19 වනදා සිට එම විශ්වවිද්‍යාල වසා දැමුණු අතර එය නැවත විවෘත කෙරෙන්නේ ලබන 27වනදායි.
එදිනට පළමු වසර සිසුන් පමණක් විශ්වවිද්‍යාලයට ඇතුලත් කරගන්නා බවයි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය නෙළුවේ සුමනවංශ හිමියන් සදහන් කළේ.