බෝරා සමුළුව අද කොළඹ කොටුව ඩී.ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. අදින් ආරම්භ වන මෙම සමුළුව ලබන 27 වැනිදා සිට ජුලි මස පස් වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. ඒ සඳහා පිරිසක් සහභාගී වීමට නියමිතව ඇති බැවින් එම දිනවල උදෑසන හතේ සිට රාත්‍රී දහය දක්වා මරදාන ඩාර්ලි පාර, ගාමිණි වටරවුමෙන් ඩී.ආර්.විජේවර්ධන මාවතට, බහාලුම් රථ, ගල්, වැලි පටවන ලද ටිපර් රථ ඇතුළු වීම සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය දැනුම් දෙනවා. එමෙන්ම ලබන 27 වැනිදා සිට ජුලි මස පස් වැනිදා දක්වා උදෑසන හතේ සිට උදෑසන එකොළහයි තිහ දක්වා සහ පස්වරු තුනේ සිට රාත්‍රී දහය දක්වා බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයේදී බෝරා සමුළුව පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ. පොලීසිය දැනුම් දෙන්නේ එම දිනවලදී වැල්ලවත්ත දෙස සිට මුහුදුබඩ මාර්ගයේ බම්බලපිටිය හරහා කොල්ලුපිටිය දෙසටත්, කොල්ලුපිටිය සිට බම්බලපිටිය හරහා වැල්ලවත්ත දෙසටත් කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම දා සීමා කෙරෙනු ඇති. පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ, බම්බලපිටිය පොලිස් වසමේ ග්ලේන් ආබර් පෙදෙසට වාහන ගමනාගමනය සීමා කරමින් ගාලු පාරෙන් ග්ලේන් ආබර් පෙදෙසට ඇතුළු වී මුහුදුබඩ මාර්ගය ඔස්සේ ගමනාගමනය සිදු කිරීමට කටයුතු කරන ලෙසයි. මේ අතර මෙම කාලසීමාව තුළ බම්බලපිටිය පොලිස් වසමේ ආදිමලේ පෙදෙසට වාහන ඇතුල් වීමද පදිංචිකරුවන්ට පමණක් සීමා කර තිබෙනවා.
උණුසුම් පුවත්
- කලබල එපා – හොදම සෙල්ලම් එළිවෙන ජාමෙට ! නලින්ද කියයි – VIDEO –
- මිදිගම රුවන්ගෙන් ප්‍රකාශයක් ගන්න අවසර
- වන්දි දෙන්නේ නෑ – නැව් සමාගමෙන් ලංකාවට තගක් !
- රජයෙන් සුපර් ඇප් එකක්
- අපරාධවලට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට
- ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වෙයි
- පිලිපීනයේ හිටපු ජනාධිපතිට අපරාධ චෝදනා ගොනුකරයි
- විසා නොමැති ශ්‍රී ලාංකිකකයින් ගැන ඊශ්‍රායලය අවධානයෙන්