මොසැම්බික් ජනරජයේ උතුරු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී බෝට්ටුවක් පෙරලී යාමෙන් පුද්ගලයන් 90 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එහිදී තවත් පුද්ගලයන් 05 දෙනෙකු බේරා ගැනීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම යාත්‍රාවේ 130ක් පමණ ගමන් කර ඇති අතර, තදබදය වැඩි වීම සහ මෙතරම් පිරිසක් යාත්‍රාවට දරා ගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
කොලරා රෝගය දැඩිව පැවතීම හේතුවෙන් මෙම පිරිස මොසැම්බික් හී නාම්පුලා සිට මොසැම්බික් දූපත දක්වා ගමන් කිරීමට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
- හපුතලේ පුද්ගල ඝාතනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
- තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
- හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
- ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
- බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට














