බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේදී පසුගියදා වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට අදාළ අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ජූලි අට වැනිදා වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබූ අතර ඒ සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබුවා. මේ අනුව ඊයේ දිනයේ පස්වරු කාලයේ සහස්පුර ප්‍රදේශයේ දී බොරැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණේ අපරාධය සඳහා යොදා ගත් තවත් ත්‍රිරෝද රථයක්ද සමගින් බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වූ ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. මේ අතර මෙම සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙම අපරාධය සඳහා ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු ඊයේ පස්වරු කාලයේ බොරැල්ල පොලිස් වසමේ සීවලි පටුමග ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 115 ක් සමඟ අත්අඩංගුවට ගැනුණා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36 ක් වූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.
උණුසුම් පුවත්
- ලක්ෂ 50කට අධික ගංජා හේනක් වටලයි
- දකුණු මුහුදේදී ඇල්ලු බහුදින ධිවර යාත්‍රා 2ක දික්ඕවිට ධිවර වරායට
- මත්ද්‍රව්‍ය භාවිතය පිළිබද සෙවීමට බස් රථවල විශේෂ පරීක්ෂණයක්
- මානව හිමිකම් කොමිසමෙන් අනාවරණයක්
- නිදහස් සැමරුමේ නිල ලාංඡනය හා තේමාව එලි දක්වයි
- පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්











