බොරැල්ල දේවි බාලිකා විද්‍යාලය අසල තිබූ විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් මේ වන විට මාර්ගය අවහිර වී තිබෙනවා.
අද උදෑසන මෙම ගස කඩා වැටීම හේතුවෙන් වාහන කිහිපයකට ද අලාභහානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට කොළඹ නගර සභාව විසින් කඩා වැටුණු ගස ඉවත් කිරීමේ කටයුතුවල නිරත වෙමින් සිටින බව ද සදහන්.