
අමෙරිකාව සහ ඉරානය අතර හුවමාරු වන ප්‍රබල ප්‍රතිප්‍රහාර හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. අද වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 96කට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 91 සීමාව පසුකර ඉහළ ගොස් තිබෙනවා.














