බේරුවල නගර සභාවේ සභාව පිහිටුවීම අද ආරම්භ කිරීමට නියමිතව තිබුනද එය අද සවස තාවකාලිකව නවතා දමා ඇති බව බේරුවල නගර සභා සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පවසනවා.
අද දින සභාව පිහිටුවීම බස්නාහිර පළාත් නාගරික කොමසාරි යටතේ සිදුකිරීමට කටයුතු සූදානම් කර තිබුනා.
බේරුවල නගර සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් 4 දෙනෙකුට ඒ බව දන්වා එවන ලිපිය නොලැබීම නිසා සමගි ජන බලවේගයේ එම මන්ත්‍රීවරුන් 4දෙනා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන බවයි සදහන් වන්නේ.
ඒ අනුව අභියාචනාධිකරණය තීන්දු කර ඇත්තේ එම ලිපි නිසියාකාරව ලබාදී දැනුවත් කිරීමෙන් අනතුරුව නගර සභාව පිහිටුවීමට කටයුතු කරන ලෙසයි.
බේරුවල නගර සභාවට සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරු ඒ පිළිබඳව අදහස් දක්වමින් මාධ්‍යට මේ බව පැවසුවා.