පොලිස් විශේෂ කාර්ය බලකා බූස්ස කඳවුරේ හා ගාල්ල කඳවුරේ නිලධාරීන් එක්ව බන්ධනාගාර හදිසි ප්රතිචාර හා උපක්රමික ඒකකයේ නිලධාරීන්ගේ සහය ඇතිව බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි හා භූමිය පසුගිය 24 වනදා සෝදිසියට ලක් කර තිබෙනවා.
එහිදී විශේෂ අංශයේ “ඒ” කොටසේ සිරමැදිරි තුළ තිබී ස්මාර්ට් ජංගම දුරකථන දෙකක්, දුරකථන චාජර් දෙකක්, ඩේටා කේබල් තුනක්, චාජර් කොටස් එකක්, හෑන්ඩ් ෆ්රී දෙකක්, වයසර් කැබලි තුනක්, ඇඩැප්ටර් එකක් සහ දුම්කොළ කැබලි දෙකක් සොයාගෙන ඇති බව පොලිසිය පවසනවා.
මේ අතර 2025 ජනවාරි මස පළමුවනදා සිට 2025 දෙසැම්බර් 26 වන දින දක්වා බූස්ස බන්ධනාගාරය තුළ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් 72කදී සොයා ගැනුණු දේපළ සම්බන්ධයෙන් පොලිසියෙන් නිවේදනය කර සිටිනවා.
ජංගම දුරකථන 133ක්, සිම් කාඩ්පත් 159ක්, දුරකථන චාජර් 110ක්, ඩේටා කේබල් 122ක්, මෙමරි කාඩ් 02ක්, ජංගම දුරකථන බැටරි 12ක්, හෑන්ඩ් ෆ්රී 56ක්, දුම්වැටි කොටස් 12ක්, පිහි 03ක්, හෙරොයින් ග්රෑම් 2 මිලිග්රෑම් 850ක් සහ දුම්කොළ ග්රෑම් 40 ග්රෑම් 012ක් වන බවයි පොලිසිය පවසන්නේ.













