බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව භූකම්පනයක් සිදුව තිබෙනවා.
ඊයේ රාත්‍රී 11.20ට පමණ රික්ටර් මාපක 2.4ක ප්‍රබලත්වයකින් එම භූකම්පනය සිදුව ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සදහන් කළේ.
පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටරයක් පමණ ගැඹුරින් වූ ප්‍රදේශයක හටගත් මෙම භූකම්පනය පිළිබඳ මෙරට තුළ ක්‍රියාත්මක වන භූකම්පන මාන හතරෙහිම සටහන්ව තිබෙනවා.
මෙම භූකම්පනය හේතුවෙන් හානි සිදුවී ඇත් ද යන්න පිළිබද මෙතෙක් වාර්තා වී නැහැ.