රටේ ජනතාවට එක් වේලක්වත් නිසි පරිදි සොයා ගැනීමට නොහැකි මොහොතක බිලියන ගණනින් වියදම් කර උත්සවශ්‍රීයෙන් නිදහස සැමරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනාවැවේ ධම්මරතන හිමියන් පවසනවා.
උන්වහන්සේ මෙම අදහස් දැක්වීම සිදු කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.