සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නමැත්තාගේ සමීපතමයෙකු ගිනිඅවියක් සමග ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇඹිලිපිටිය ගඟේයාය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ .
සැකකරු සන්තකයේ තිබී T81 වර්ගයේ ගිනිඅවියක්, උණ්ඩ 97ක්, මැගසින් 2ක් සහ හමුදා නිලඇඳුමක් සොයාගෙන තිබෙනවා.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකරන ලද විමර්ශනවලදී හෙළි කරගත් තොරතුරුවලට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි සදහන් වන්නේ.