අමෙරිකාව සිය රටට පනවා ඇති ඕනෑම තීරුබදුවලට සමාන ප්‍රමාණයකින් අමෙරිකාවට ද බදු පැනවීමට සූදානම් බව බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ පවසනවා.
අගෝස්තු පළමු වැනි දින සිට බ්‍රසීල භාණ්ඩ සඳහා සියයට 50 ක ආනයන බද්දක් පැනවීමට අමෙරිකාව ගත් පියවරට ප්‍රතිචාර ලෙසයි බ්‍රසීල ජනාධිපති මේ බව සඳහන් කර ඇත්තේ.
සිය X ගිණුමෙහි සටහනක් තබමින් බ්‍රසීල ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, එරට ස්වාධීන ආයතන සහිත ස්වෛරී රටක් වන බැවින් කිසිඳු භාරකාරත්වයක් යටතේ සිටීම තමන් පිළිනොගන්නා බවයි.