අමෙරිකාව සිය රටට පනවා ඇති තීරුබදුවලට සමාන ප්‍රමාණයකින් අමෙරිකාවට ද බදු පැනවීමට තමා සූදානම් බව බ්‍රසීල ජනාධිපතිවරයා පවසනවා.
අගෝස්තු පළමු වැනි දින සිට බ්‍රසීල භාණ්ඩ සඳහා සියයට 50 ක ආනයන බද්දක් පැනවීමට අමෙරිකාව ගත් පියවරට ප්‍රතිචාර ලෙස මෙම තීරණය ගත් බවයි බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සඳහන් කලේ.
ආමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් බදාදා මෙම තීරු බදු ඉහල නැංවීම පිළිබද බ්‍රසීල ජනාධිපතිවරයා වෙත ලිපියක්ද යොමු කර තිබුනා.













