දිවයින පුරා බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තිය අනුව, ප්‍රවාහන මාධ්‍ය අතර අන්තර් සම්බන්ධීකරණය තුළින් Transit Cities සහ එම Transit Cities හි සිට ප්‍රධාන නගර වෙත කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පහසුකම් සහිතව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම බස් රථ, දුම්රිය, කුලී රථ සේවා වැනි ප්‍රවාහන මාධ්‍ය අන්තර් සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අරමුණ සහිතව දිවයිනේ වැඩිම මගී සංසරණයක් සිදු වන බවට හඳුනා ගෙන ඇති බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන ඒකාබද්ධ කරමින් විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමටයි ප්‍රමුඛත්වය ලබාදී ඇත්තේ.
ඒ අනුව, පහත සඳහන් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කර තිබෙනවා.











