පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එක් පුද්ගලයකු විසින් හෙල්මටයකින් පහරදීම හේතුවෙන් රෝහල්ගත කරන ලද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසි කියා සිටියේ බුලත්සිංහල, හල්වතුර ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.
හෙල්මටයෙන් පහරකෑමට ලක්වූ පුද්ගලයා ඉංගිරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එලෙස ඉංගිරිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලටත් නැවත හොරණ රෝහලටත් මාරු කර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(24) දින සවස් කාලයේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 30ක් පමණ වූ හල්වතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත දේහය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අපරාධය සිදු කළ වයස අවුරුදු 23ක් පමණ වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බුලත්සිංහල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.