දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ.
හඬ පට ධාවකයමේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට නායයාම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් පසුවන ලෙසටත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජේ්‍යෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා දැනුම් දෙනවා.
හඬ පට ධාවකය