කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ප්රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද අලුයම 4.30ට පමණ එම අනතුර සිදුවී ඇත්තේ කොළඹ හැටන් ප්රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල අසලදීයි.
ප්රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදී බස් රථය මෙලෙස මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් එම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුරෙන් බස් රථයේ ගමන් ගත මගින් 18 දෙනෙකු තුවාල ලබා වටවල ප්රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති ඇති අතර, බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් පස්දෙනෙකු නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.