බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර ලබා දීම අනිවාර්යය කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලංගම සහ පෞදගලික බස් රථ ධාවනයේ දී ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බවයි. කොළඹ මධ්‍යම බස්නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව සදහන් කළා. මෙම මස 30 වැනිදා සිට වාහන ධාවනයේ දී ආරක්ෂණ යෝජනා ක්‍රම 85 ක් හඳුන්වාදීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා එහිදී පවසා තිබෙනවා.
උණුසුම් පුවත්
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට
- වෛද්‍ය නිලධාරීන් 62 ක් සුව සේවාවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ලාංකිකයින් 04 ක් අත්අඩංගුවට
- මෙක්සිකෝවේ දැවැන්ත දුම්රිය අනතුරක්
- කොළඹ – හලාවත දුම්රිය ධාවනය යළි ඇරඹෙයි
- රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට













