ඇල්ල පොලිස් වසමේ බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේදී ඊයේ (24) බදුල්ල දෙස සිට බණ්ඩාරවෙල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් කාන්තාවන් දෙදෙනෙකුගේ ගැටී එක් කාන්තාවක් මියගොස් ඇති බව ඇල්ල පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි හල්පේ, බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මෙම අනතුරෙන් බලපතල තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා දෙමෝදර රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එක් කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.
මෘත ශරීරය දෙමෝදර රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇල්ල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.