බස් රථ දෙකක් සහ ලොරි රථයක් එකිනෙකට ගැටී ලොරි රථයේ රිය සහායකයා මරුමුවට පත්ව ඇති බව වාර්තා වනවා.
කොළඹ මහනුවර මාර්ගයේ මාවනැල්ල, මොළගොඩ, පල්පාත ප්‍රදේශයේදී අද(09) මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් ලොරි රථයේ ගමන් කළ තවත් අයෙක් සහ බස් රථ දෙකෙහි ගමන් ගනිමින් සිටි කිහිප මගීන් කිහිප දෙනෙක් තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මාවනැල්ලේ සිට කෑගල්ල බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මොළගොඩ පල්පාත ප්‍රදේශයේ දී මගියෙක් බස්සවා යළි ගමන් ආරම්භ කරනවාත් සමගින් පූඩළුඔය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් පෞද්ගලික බස් රථයේ ගැටී ඉදිරියට ඇදීගොස් කුඹුරකට පෙරලී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය කියා සිටියේ ලංගම බස් රථයේ පිටුපස කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක ගැටී එම ලංගම බස් රථය මාවනැල්ල කෑගල්ල පෞද්ගලික බස් රථයේ පිටුපස ගැටී අනතුර සිදුව ඇති බවයි.













