බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට අද(23) ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ලංකා සුදු ඩීසල් මිල ගණන්ද ඉහළ ගියා.
එම අගය බස් ගාස්තු ඉහළ නැංවීමේ සූත්‍රයට ගැලපූ විට මේ වන විට පවතින බස් ගාස්තුවට 10%කට වඩා වැඩි අගයකින් බලපා ඇති බවයි ජාතික ගමනාගමන කොමිසන් සභාව පවසන්නේ.
ඒ අනුව නව බස් ගාස්තු ඉහළ දැමීම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළ බවයි එම කොමිසන් සභාව් අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවස්නනේ.
කෙසේ වෙතත් බස් ගාස්තු සංශෝධනය ඊයේ(22) දිනයේම සිදු විය යුතු බව බස් සංගම් රැසක් පැවසූ අතර ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා එම සංගම්වල නියෝජිතයන් කොමිසන් සභාව වෙත පැමිණියද ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී නැහැ.
කෙසේ වෙතත් අද(23) දිනයේදී බස් ධාවනයෙන් ඉවත්වීමට කටයුතු කරන බවයි බස් සංගම් පවසන්නේ.
ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ඊයේ(22) දිනයේදී අදාළ බස්ගාස්තු සංශෝධනය නොකිරීම බවයි.
බස් ගාස්තු ඉහළ දමන තෙකේ බස් ධාවනය කිරිමට හැකියාවක් නොමැති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ.














