බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනවා.
අවසන් ගාස්තුව ලෙස රුපියල් 2159ක්ව පැවැති බස්ගාස්තුව රුපියල් 2422ක් දක්වා ඉහළ යනවා.
මේ අතර මගින්ගෙන් නියමිත ගාස්තුව පමණක් අය කරන ලෙසට ලංගම සහ පුද්ගලික බස් රථ ධාවකයින් වෙත ජාතික ගමනාගමන කොමිසන් සභාව දන්වා ඇති අතර යම් හෙයකින් වැඩිපුර ගාස්තු අය කිරීමක් සම්බන්ධයෙන් තොරතුරු ලදහොත් නීතිමය පියවර ගන්නා බවද පවසනවා.
නියමිත බස් ගාස්තුවට වඩා වැඩි මුදලක් බස් ගාස්තු ලෙස අය කළහොත් ජාතික ගමනාගමන කොමිසන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 0712595555 යන වට්ස්ඇප්














