ඉදිරියේදී කිසිඳු දේශපාලන බලපෑමකින් හෝ සුදුසු කම් නොමැති පුද්ගලයින් ඛණිජතෙල් සංස්ථාවේ රැකියා සඳහා අනියුක්ත කර නොගන්නා බව සභාපති ජනක රාජකරුණා මහතා පවසනවා.
ආයතනයේ රැකියා පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර ඇති බවයි ඒ මහතා සදහන් කළේ.
අතීතයේ මෙන් දේශපාලන හෝ වෙනත් බලපෑම් සිදු කරන අය බඳවා ගැනීමට කටයුතු නොකරන බව ද විහේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඒ මහතා අවධාරණය කළා.