බලපත්‍රයක් නොමැතිව ත්‍රීරෝද රථ දෙකකින් වල්ලපට්ටා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් ඊයේ(29) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් නෝර්ටන්බි්‍රජ් ප්‍රදේහයේ පෞද්ගලික ඉඩම්වල වැවී ඇති වල්ලපට්ටා ගස් කපා නෝර්ටන්බි්‍රජ් සිට දැරණියගල දක්වා මළු හතරක බහා වල්ලපට්ටා කිලෝග්‍රෑම් 200ක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොල්පිටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දැරණියගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ත් 50ත් වයස්වල පසුවන අයබවත් එම සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියා.
හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර, පොල්පිටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් කුමාර යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ පොල්පිටිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක සරත් කුමාර සහ තවත් උප පොලිස් පරීක්ෂකවරයෙක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.













