තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට අද දින එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතුකම්කරු කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 03 දෙනෙකු ඇතලු 12 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළත්කර තිබෙනවා.
රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි එ.එස්.කේ. ජයසුරිය මහතා පැවසුවේ බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන වතුයායේ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් තේ වත්තේ වැඩ කරමින් සිටි පිරිසට බඹර ප්‍රහාර එල්ල වී ඇති බවයි.
වතුකම්කරුවන් විශාල පිරිසකට බඹර ප්‍රහාර එල්ල වීම නිසා තේවත්තේ දළු නෙළන කටයුතු නතර කිරිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.