දිවයිනේ බන්ධනාගාර 10ක රැඳවියන් තම ආහාරවේලක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම උදෙසා පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
නව මැගසින් බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය, බෝගම්බර බන්ධනාගාරය, මාතර බන්ධනාගාරය, මහර බන්ධනාගාරය, කුරුවිට බන්ධනාගාරය, යාපනය බන්ධනාගාරය, මොණරාගල බන්ධනාගාරය, අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය සහ මඩකලපුව බන්ධනාගාරවල රැඳවියන් මෙලෙස සිය ආහාරවේල ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කර ඇති බවටයි එම දෙපාර්තුමේන්තුව සදහන් කලේ.
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් රුපියල් 450,710ක් වටිනා ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කර තිබෙනවා.
වැලිකඩ බන්ධනාගාරයෙන් රුපියල් 454,630ක් වටිනා ආහාර ද්‍රව්‍ය ද බෝගම්බර බන්ධනාගාරයෙන් රුපියල් 367,949ක් වටිනා ආහාර ද්‍රව්‍ය ද පරිත්‍යාග කර ඇති බවටයි එම දෙපාර්තුමේන්තුව සදහන් කලේ.
මාතර බන්ධනාගාරයෙන් රුපියල් 105,046ක ආහාර ද්‍රව්‍ය ද, මහර බන්ධනාගාරයෙන් 386,010 ආහාර ද්‍රව්‍ය ද පරිත්‍යාග කර තිබෙනවා.
කුරුවිට බන්ධනාගාරයෙන් රුපියල් 195,150ක් වටිනා ආහාර ද්‍රව්‍ය ද මෙලෙස පරිත්‍යාග කර ඇති බවටයි සදහන් වන්නේ.
යාපනය බන්ධනාගාරයේ රැඳවියන් පරිත්‍යාග කළ ආහාර ද්‍රව්‍යවල වටිනාකම රුපියල් 258,612ක් වන අතර මොණරාගල බන්ධනාගාරයෙන් රුපියල් 96,471ක පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.
අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයෙන් රුපියල් 540,679ක සහ මඩකලපුව බන්ධනාගාරයෙන් රුපියල් 209,224ක ආහාර ද්‍රව්‍ය මෙලෙස ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා.













