ලංකාව තුල බදු වර්ග 16ක් ක්‍රියාත්මක බව ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය පවසනවා.
එහි සභාපති ටනියා එස්. අබේසුන්දර මහත්මිය පවසන්නේ මෙම බදු වර්හ මොනවාද, ඒවා අයකරනු ලබන්නේ කුමන හේතුවක් මතද යන්න මහා බැංකුව හෝ ඇතැම් විට නොදන්නා බවයි.
හඬ පට ධාවකයමේ අතර රජයේ බදු ප්‍රතිපත්තිවලට එරෙහිව ලබාගත් අත්සන් දස ලක්ෂයේ පෙත්සම ඉදිරියේදී බලධාරීන්ට ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි මාධ්‍ය කමිටු සාමාජික, වෛද්‍ය රුවන් ජයසූරිය මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මත ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි.
හඬ පට ධාවකයඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ජනතාවගේ ආශිර්වාදය මත විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීමටද යෝජනා වී ඇති බවයි .
හඬ පට ධාවකයරජය විසින් පැනවූ බදු සංශෝධනවලට එරෙහිව වෘත්තීයවේදීන් පසුගිය 23වන සඳුදා සිට කලු විරෝධතා සතියක් ආරම්භ කළා.
එදින සිට වෘත්තීයවේදීන් දිවයිනම ආවරණය වන පරිදි විවිධ වැඩසටහන් සංවිධාන කර තිබුණා.
මේ අතර වෘත්තිකයින්ගේ බදු බර අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාව කඩිනමින් මුදල් සංසරණයෙන් ඉවත් විය යුතු බවයි ආර්ථික විශ්ලේෂක ආචාර්ය චමින්ද මලලසේකර මහතා පවසන්නේ.
මුදල් භාවිතයෙන් තොරව සියලු ගෙවීම් බැංකු හෝ අන්තර්ජාලය හරහා පමණක් සිදුකිරීමෙන් බදු වංචා කරන පුද්ගලයින් හඳුනාගැනීමේ හැකියාවක් ලැබෙන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.