දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට විවිධ ආයතන හා පුද්ගලයන් මේ දක්වා රුපියල් කෝටි 20,000 කට ආසන්න බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව වාර්තා වනවා .
අදාළ හිඟ බදු මුදල් ගෙවීමට ඇතැම් පාර්ශව එකඟවී සිටින බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ .
එමෙන්ම දේශීය ආදායම් බදු ආඥා පනත ගැළපෙන පරිදි යාවත්කාලින කර මෙම හිඟ බදු මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා .
කෙසේ වෙතත් බදු ගෙවීම පැහැර හරින ලද පුද්ගලයන්ගෙන් සියයකට ආසන්න පිරිසක් මියගොස් සිටින බව වාර්තා වනවා .