ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්රිඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදියි.
මේ හේතුවෙන් ඒ අවට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්රියාත්මක කෙරෙන බව පොලිසිය සදහන් කළා.
ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.