රාගම බටුවත්ත ප්‍රදේශයේ දී පසුගිය තුන් වැනිදා රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැලණිය කොට්ඨාස අපරාධ විමර්ෂණ කාර්ය්‍යාංශය විසින් රාගම බටුවත්ත ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අදාළ සැකකරු තවත් පුද්ගලයෙකුද සමගින් මෙලෙස අත්අඩංගුවට ගැනුණු බවයි පොලීසිය පවසන්නේ. සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් නවයයි ග්‍රෑම් 220 ක්, කේරල ගංජා කිලෝ ග්‍රෑම් 67 යි ග්‍රෑම් 520 ක්, සබ් මැෂින් ගන් වර්ගයේ ගිනි අවි දෙකක්, මිලිමීටර නවය වර්ගයේ ගිනි අවි ජීව උණ්ඩ 10 ක්, කඩුවක්, ගුවන් හමුදා නිළ ඇදුම්, ජංගම දුරකථන හතරක්, ලැප්ටොප් පරිගණකයක් සහ තරාදි හතරක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිත කළ යතුරුපැදියක්ද එම අවස්ථාවේ දී පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
	උණුසුම් පුවත්
	
				- පද්මෙ සමග සබඳතා පැවැත්වූ නිළියන් ගැන ප්‍රකාශයක්
- ඉන්ධන මිල සංශෝධනයෙන් වෙච්චි දේ
- කුච්චවේලි ප්‍රාදේශීය සභා සබාපති සහ තවත් අයෙක් අල්ලස් දැලේ පැටෙලයි
- බැකෝ සමන්ගේ බිරිඳට ඇප
- ෂි ජින් පිං සහ ට්‍රම්ප් හමුවෙයි
- වැල්ලවාය මහේස්ත්රාත්වරයාගේ වැඩ තහනම්
- ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව රැස්වෙයි
- ළමුන්ගේ උග්‍ර මන්දපෝෂණය තත්වයේ අඩුවක්





 


 







 
								