බංග්ලාදේශයේ ඇඟලුම් කම්හලක ඇති වූ ගින්නකින් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඩකා හි මීර්පූර් ප්‍රදේශයේ මහල් හතරකින් යුත් කර්මාන්ත ශාලාවක ගින්න හටගත්තා.
ගින්නෙන් 16 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් පිළිස්සුම් තුවාල ලබා ඇති බව ද සඳහන්.
මේ වනවිට මියගිය අයගේ සිරුරු 16 ක් සොයාගෙන ඇති අතර ඒවා හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී ඇති බවයි බංග්ලාදේශ ගිනි නිවන සේවය පැවසුවේ.
මධ්‍යම රාත්‍රීයේ කර්මාන්ත ශාලාවේ ඇති වූ ගින්න පැය තුනකට පසු නිවා දැමීමට සමත්ව තිබුණා.