ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ පළමු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 168ක් ලබාගැනීමට සමත්වූවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නා.
ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදැවී පන්දු 37කදී ලකුණු 64ක් ලබාගැනීමට දසුන් ශානක සමත් වූවා.
ඊට හතරේ පහර 3ක් සහ 6 පහර 5ක් අන්තර්ගතයි.
ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් ප්‍රහාරත්මක පිතිකරණයක නියැලෙමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 44ක සබඳතාවයක් ගොඩනැගිමට සමත් වූවා.
පැතුම් නිශ්ශංක ලකුණු 22කට දැවී ගිය අතර කුසුල් මෙන්ඩිස් ලකුණු 34කට දැවී ගියා.
කමිල් මිෂාරට ලබාගත හැකි වූයේ ලකුණ 4ක් පමණයි.
කුසල් පෙරේරා ලකුණු 16ක් ලබාගත් අතර නායක චරිත් අසලංක ලකුණු 21කට දැවී ගියා.
කමිදු මෙන්ඩිස් එක් ලකුණකටත් වනිදු හසරංග ලකුණු දෙකකට දැවී ගියා.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 44දී බිඳ වැටුණු අතර දෙවන කඩුල්ල ලකුණු 58දීත් තෙවන කඩුල්ල ලකුණු 65දීත් බිඳ වැටුණා.
සිව්වන කඩුල්ල ලකුණු 97දීත් පස්වන කඩුල්ල ලකුණු 154දීත් හය වන කඩුල්ල ලකුණු 156දී බිඳ වැටුණා.
ලකුණු 158ක් ලබා සිටියදී හත් වන කඩුල්ල බිඳ වැටුණා.
පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Mustafizur Rahman කඩුලු 3ක්ද මෙහෙදි හසන් කඩුලු 2ක්ද ටස්කින් අහ්මෙඩ් එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වූවා.
තරගය ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 169ක් ලබාගත යුතු වනවා.
තරගය පැවැත්වෙන්නේ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.