ලොව පුරා ශීත ඍතුව එළඹීමත් සමගම පෝලන්තයේ ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක සිට එරට සංචාරකයන් රැගත් ගුවන් යානා දෙකක් 2ක් කටුනායකට පැමිණ තිබෙනවා.
පෝලන්තයේ එන්ටර් එයාර් නැමති ගුවන් සමාගම මෙම ගුවන් ගමන සඳහා බෝයිං – 737 වර්ගයේ ගුවන් යානා දෙකක් යොදවා තිබුණා.
මෙහි පළමු ගුවන් යානය ඊයේ දින උදෑසන 09.50 ට පෝලන්තයේ කටෝවිස් ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර , එම යානය ජල ආචාර පවත්වා උසස් අන්දමින් ගුවන් තොටුපොළ වෙත පිළිගනු ලැබුවා.
දෙවන ගුවන් යානය ඊයේ දහවල් 11.00 ට පෝලන්තයේ වෝර්සෝ නුවර සිට සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ගුවන් යානා දෙකෙහි ගුවන් මගීන් 378 දෙනෙකු සහ නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 16 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ.
පෝලන්ත එන්ටර් එයාර් ගුවන් යානා සතියකට 08 වරක් පෝලන්තයේ සිට මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.














