අමාද්‍යප දිනයේදී හා පොහෝ දිනයේදී සුරාසැල් වසා තැබෙන නිසාවෙන් තලාව ප්‍රදේශයේ අලෙවිය සඳහා සකසමින් තිබූ නීති විරෝධී මත්පැන් තොගයක් නිපදවමින් තිබූ තලාව හිරිගොල්ලේගම ප්‍රදේශයේ මහා පරිමාණ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් තලාව පොලිසිය විසින් වටලා තිබෙනවා.
පසුගිය 03 වැනි දිනට යෙදුණු අමද්‍යප දිනයේදී හා හෙටට (06) යෙදෙන පොහෝ දිනයේ සුරා සැල් වසා තැබෙන නිසා අලවියට සූදානම් කරමින් තිබූ තලාව පොලිස් වසමේ හිරිගොල්ලේගම ප්‍රදේශයේ කුණු ඇළක් තුළ ගෝඩා බැරල් සඟවා තබමින් පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතී විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් මෙලෙස වටලා තිබෙනවා.
මෙම වැටලීමේදී ගෝඩා මිලිලීටර දස ලක්ෂ අසූ දහසක් සහිත බැරල් 06 ක් නීති විරෝධී මත්පැන් මිලිලීටර විසිහය දහස් පන්සියයක්, නීතී විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා දඟර දෙකක් ඇතුළු උපකරණ සමඟ සැකකරුවකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
එම ප්‍රදේශයේ කුණු ඇලක් තුළ මෙම බැරල් සඟවා ඉතා සූක්ෂමව මෙම ස්කාගාරය පවත්වාගෙන ගොස් තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තලාව පොලිස් වසම පුරාම ගම්මාන රැසකට තමන් මත්පැන් අලෙවිකරන බවත්, අමද්‍යප දිනය හා පොහෝ දිනය නිමිත්තෙන් සුරාසැල් වසා තැබෙන බැවින් තමන්ගේ නීතී විරෝධී මත්පැන් වැඩි වශයෙන් නිෂ්පාදනය කරන බවත්ය.
තලාව පොලිස් ස්ථානයේ නව ස්ථානාධිපති එස්.ටී.පී. හේරත් මහතාට ලැබුණු තොරතුරක් අනුව ස්ථානාධිපතිතුමන් හා පොලිස් සැරයන්වරුන් වන 68617 ගයාන්, 73400 විරකෝන්, සිවිල් ආරක්ෂක බටයන් වන 021076 ගුණරත්න, 026806 සුගත් යන නිළධාරීන් වැටලීම සිදු කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (04) පස්වරුවේ තඹුත්තගේම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ 38 හැවිරිදි තලාව හිරිගොල්ලේගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.