2021 වසරේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් රුපියල් මිලියන 700ක කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යොමු කර තිබූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව පිළිබදව කිසිදු ශක්‍යතා අධ්‍යනයක් සිදුකර නොතිබූ බවට කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.
ඒ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ 2022 හා 2023 වර්ෂයන් සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට කෝප් කමිටුව පසුගියදා රැස්වූ අවස්ථාවේදීයි.
එහිදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබුණේ, මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සකස් කිරීමට තමන්ගේ මැදිහත් වීමක් සිදු නොවූ බවයි.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 700 ක මුදලක් අනුමත කරගෙන තිබුණ ද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ඒ සඳහා රුපියල් මිලියන 350ක පමණ මුදලක් නිදහස් කර තිබු බවයි මෙහිදී හෙළිව ඇත්තේ.
දිවයිනේ ස්ථාන 35 ක කාබනික පොහොර නිෂ්පාදනය ආරම්හ කිරීම සඳහා මෙලෙස මුදල් ලබාදී තිබුණද මීට අදාළව ස්ථාන පහක ඉදිකළ ගොඩනැගිලි කිසිදු ප්‍රයෝජනයක් නොගෙන පවතින බවද කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.