
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක කමිටු රැස්වීම නෙළුම් මාවත පිහිටි එම පක්ෂ කාර්යාලයේදී රැස්වී තිබෙනවා.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
අදාළ රැස්වීම මේ වන විටත් එම පක්ෂ කාර්යාලයේදී පැවැත්වෙන බවටයි වාර්තා වන්නේ.
එසේම මෙම රැස්වීම සඳහා පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විධායක කමිටු සාමාජිකයන් රැසක් එක්ව සිටින බවටද වාර්තා වනවා.














