මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රට බංකොලොත් කරපු අපේක්ෂකයෙකු තනිවම ඉදිරිපත් කිරීමට ගනු ලැබූ තීරණය ඉතාමත් හොඳ බවත් ඒ අනුව එම අපේක්ෂකයාට ජනතාව මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදීව සැලකිය යුතු බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මේ මොහොතේ තවදුරටත් රාජපක්ෂ පවුලට ගැතිකම් කරමින් සිටිනවාද යන්න පිළිබඳවත් දෙවරක් සිතා බැලිය යුතු බව රණවක මහතා සඳහන් කරන ලදී.
ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (30) දින එක්සත් ජනරජ පෙරමුණේ පන්නිපිටිය ඇරැවුවල ප්‍රදේශයේ පවත්වනු ලැබූ ජනහමුවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
එක්සත් ජනරජ පෙරමුණේ සාමාජික දිල්ශාන් මුතුකුමාරණ මහතා විසින් මෙම ජනහමුව සංවිධානය කර තිබූ අතර ඒ සඳහා එක්සත් ජනරජ පෙරමුණේ සභාපති වෛද්‍ය අජිත් අමරසිංහ, උපසභාපතිවරුන් වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) තිලක් උභයවර්ධන හා තීක්ෂණ ගම්මන්පිල යන මහත්වරුන්ද සම්බන්ධ විය.