දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක අවලංගු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.
එළඹෙන 30 වනදා දක්වා මෙය ක්‍රියාත්මක වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, යම් නිලධාරියෙකුට පවතින ආපදා තත්ත්වය හමුවේ අනුයුක්ත කර ඇති පොලීසියට රාජකාරී සඳහා වාර්තා කිරීමට නොහැකි නම් ළඟම ඇති පොලීසියට රාජකාරී සඳහා වාර්තා කරන ලෙසයි.











