පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 10 වන අදියර අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දෙසැම්බර් මස 15 දක්වා දීර්ඝ කර තිබෙනවා.
එම අයදුම්පත් කැඳවීමේ කාල සීමව වූයේ මෙම වසරේ නොවැම්බර් 01 වනදා සිට වන දින සිට නොවැම්බර් 30 දක්වා කාලයයි.
නමුත් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් මෙම ණය යෝජනා ක්‍රමයේ අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කළ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබිණා..
2022, 2023 හෝ 2024 වර්ෂයන් හිදී අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයට ඔවුන්ගේ පළමු හෝ දෙවන වාරය ලෙස සිටි පෙනී දරුවන්, 2025 වර්ෂයේදී ද නැවත උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන් සිදු කළ ඉල්ලීම් අනුව මෙම තීරණය ගෙන තිබෙනවා.
මේ අතර බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් 6 – 10 ශේණි විභාගය දින නියමයක් නොමැතිව කල්දමා තිබෙනවා.
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි මෙම විභාගය එළැඹෙන 14වනදා පැවැත්වීමට නියමිතව ත
බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසා සිටියේ, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විභාගය කල් දැමීමට සිදුව ඇත බවයි.
මේ අතර විශ්වවිද්‍යාල සිසුන්ට සඳහා අමතර මහපොළ වාරිකයක් ගෙවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
මුළු දිවයිනට ම බලපා ඇති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු අපහසුවෙන් තොර ව නැවත ආරම්භ කිරීම අරමුණින්.
ඊට අමතරව ගෙවීමට තීරණය කළ මහපොළ වාරිකය එළැඹෙන 05 වනදා ගෙවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කරනු ඇති.
උණුසුම් පුවත්
- යුක්‍රේණ රුසියා සාම ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා ඇරඹේ
- පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 10 වන අදියරට අයදුම්පත් කැඳවයි
- රටවල් රැසකින් ආපදා ආධාර
- ආපදා මරණ සංඛ්‍යාව 474ක් දක්වා ඉහළට
- ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක්
- පීඩාවට පත්වූවන්ට පාකිස්තානු අගමැතිගේ ශෝකය
- ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ නම් කර අති විශේෂ ගැසට් නිවේදනයක්
- මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයකු අත්අඩංගුවට










