ශ්‍රී ලංකා පොලිසියේ පුරප්පාඩු 5000ක් කඩිනමින් පිරවීමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඒ මහතා සදහන් කළේ මේවන විට ශ්‍රී ලංකා පොලීසියේ පුරප්පාඩු 28000 කට ආසන්න ප්‍රමාණයක් පවතින බවයි.
මේ වන විට ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබී අදාළ කටයුතු ආරම්භ කොට ඇති බයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
මෙම වසර තුළ මෙම පිරිස බඳවා ගැනීම සිදු කරන බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කළා.
ඒ මහතා එහිදී වැඩි දුරටත් පැවසුවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන අය අතුරින් 10,000 ක පිරිසක් පොලිස් සේවයට අනුයුක්ත කිරීමට අපේක්ෂා කරන බවයි.
පාර්ලිමේන්තුවේ පැවති මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
උණුසුම් පුවත්
- හෑෂ් සමග අයෙක් කොටුවෙයි
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
- ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
- දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
- පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය














