ශ්‍රී ලංකා පොලිසියේ පුරප්පාඩු 5000ක් කඩිනමින් පිරවීමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඒ මහතා සදහන් කළේ මේවන විට ශ්‍රී ලංකා පොලීසියේ පුරප්පාඩු 28000 කට ආසන්න ප්‍රමාණයක් පවතින බවයි.
මේ වන විට ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබී අදාළ කටයුතු ආරම්භ කොට ඇති බයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
මෙම වසර තුළ මෙම පිරිස බඳවා ගැනීම සිදු කරන බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කළා.
ඒ මහතා එහිදී වැඩි දුරටත් පැවසුවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන අය අතුරින් 10,000 ක පිරිසක් පොලිස් සේවයට අනුයුක්ත කිරීමට අපේක්ෂා කරන බවයි.
පාර්ලිමේන්තුවේ පැවති මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
උණුසුම් පුවත්
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට
- බන්ධනාගාර රැඳවියන්ගෙන් ආපදාවට පත්වූ ජනතාවට පරිත්‍යාගයක්
- තමන් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා බව ජනපති ට්‍රම්ප් කියයි













