සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කළ බව කියන රූපලාවන්‍ය ශිල්පිනියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගාල්ල, වඳුරඹ පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24ක් වූ කාන්තාවකි.
පොලිසියට අවශ්‍යව සිටි අදාළ සැකකරු ඔහුගේ මිතුරෙකුගේ නිවසේ සිටින බවට වඳුරඹ පොලිසිය වෙත තොරතුරක් ලැබී තිබෙනවා.
ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිලදාරීන් කණ්ඩායමක් අදාළ නිවස වෙත ගොස් තිබෙනවා.
එහිදී සැකකාර කාන්තාව පොලිස් නිලධාරීන්ට සාපරාදී බලහත්කාරය පා ඇති බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වඳුරඹ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.