මේ වනවිට පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ඒ අනුව පොලිස් සේවයේ පුරප්පාඩු 5,000ක් සඳහා කඩිනමින් නිලධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.