ඊයේ දිනයේ දී පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 564 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ දී පුද්ගලයන් විසිහත්දහස් හත්සිය තිස්තුන් දෙනෙකු පරීක්ෂා කල බවයි පොලිසිය සදහන් කලේ.
අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හඳුනාගත් 19 දෙනෙකු මෙන්ම වරෙන්තුකරුවන් 294 දෙනෙකු ද, විවෘත වරෙන්තුකරුවන් 168 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බීමත් රියදුරන් 16 දෙනෙකු මෙන්ම අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කලේ.
එමෙන්ම වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් 4229 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













