අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් අඛන්ඩව ක්‍රියාත්මක වනවා.
ඒ අනුව ඊයේ දිනයේදී ද දිවයින පුරා කොට්ඨාස මට්ටමින් සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් සිදු කර තිබුනා.
එහිදී පුද්ගලයින් 28,372 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර එමගින් සැකපිට පුද්ගලයින් 714ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේ.
එමෙන්ම වරෙන්තුකරුවන් 253 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 19ක් බවයි පොලීසිය සඳහන් කළේ.